Integrity . Performance . Teamwork . Accountability
Contribution of Orient Finance PLC towards the betterment of self-employed persons

Contribution of Orient Finance PLC towards the betterment of self-employed persons

Latest News   ●   July 7th, 2017   ●   admin

ස්වයං රැකියා නියුක්තිකයින්ගේ සංගමය විසින් දියත් කරනා ව්‍යාපෘතියක් යටතේ එහි සාමාජිකයින්ට කල් බදු ක‍්‍රමයට තී‍්‍ර රෝද රථ ලබා දීමේ දෙවන අදියර සඳහා ඔරියන්ට් ෆයිනෑන්ස් පී එල් සී සමාගම සහ TVS ලංකා සමාගම සිය දායකත්වය සපයනු ලැබීය.

දිවි නැගුම වැඩසටහනේ සමීක්ෂණය යටතේ ක‍්‍රියාත්මක වන, ස්වයං රැකියා නියුක්තිකයින්ගේ අභිවෘද්ධිය උදෙසා පිහිටුවා ඇති “ස්වයං රැකියා නියුක්තිකයින්ගේ සංගමය” හරහා මූල්‍යමය සහයෝගය අවශ්‍ය පුද්ගලයින් තෝරා ඔවුන්ට ස්වයං රැකියා ඇරඹීම පිණිස ණය පහසුකම් ලබා දීම සිදු කරයි.

මෙම ක‍්‍රියාවලිය තවදුරටත් සාර්ථක හා පහසු කරවමින් TVS ලංකා ආයතනය විසින් එම සංගමයේ ණය පහසුකම් අවශ්‍ය සාමාජිකයින් හට තී‍්‍ර රෝද රථ ලබා දීම පසුගිය දෙසැම්බර් 31 වනදා සිදු කරන ලදී. මෙහිදී සුදුසුකම් ලත් සාමාජිකයින් 103 දෙනෙකු සඳහා තී‍්‍ර රෝද රථ ලබා දුන් අතර එහි මූල්‍ය සබඳකරු ලෙසින් ඔරියන්ට් ෆයිනෑන්ස්
පී එල් සී සමාගම කටයුතු කරන ලදී. පහසු ගෙවීමේ ක‍්‍රමයට ලබා දුන් මෙම ත‍්‍රී රෝද රථ සඳහා හිමිකරුවන් වෙත කඩිනමින් ලීසිං පහසුකම් සැපයීමට ඔරියන්ට් ෆයිනෑන්ස් සමාගම සමත් විය.

කොළඹ හයිඞ් පාර්ක් හිදී පැවති මෙම ව්‍යාපෘතිය දියත් කිරීමේ අවස්ථාව සඳහා ඛණිජ තෙල් අමාත්‍ය සුසිල් පේ‍්‍රමජයන්ත මහතා, කොළඹ දිස්ත‍්‍රික්කයේ නගරාධිපති ඒ.ජේ.එම්. මුසම්මිල් මහතා, ස්වයං රැකියා නියුක්තිකයින්ගේ සංගමයේ සභාපති මහින්ද කහඳගම මහතා, ඔරියන්ට් ෆයිනෑන්ස් පී එල් සී හි ප‍්‍රධාන විධායක නිලධාරී රජිව් බණ්ඩාරනායක මහතා සහ TVS ලංකා හි ප‍්‍රධාන විධායක නිලධාරී සම්පත් අගලවත්ත මහතා සහභාගී වූ අතර සාර්ථක ව්‍යාපෘතියක දෙවන අදියර ලෙස ක‍්‍රියාත්මක වන මෙය, තවත් අතිශය සාර්ථක ව්‍යාපෘතියක් වන බව නොඅනුමානය.

Thank you for your message. It has been sent.