දර්ශන රත්නායක මහතා

Mr. Darshana Ratnayake

දර්ශන රත්නායක මහතා බැංකුකරුවෙකු ලෙස වසර 31කට වැඩි පළපුරුද්දක් ඇති අතර පසුගිය වසර 7 NDB බැංකුව සහ Cargills බැංකුව යන බැංකු දෙකෙහි ආයතනික කළමනාකාරීත්වයේ සාමාජිකයෙකු ලෙස කටයුතු කර ඇත. ඔහුගේ ආසන්නතම අතීත පත්වීම වූයේ කාගිල්ස් බැංකුවේ ප්‍රධාන වාණිජ නිලධාරියා ලෙස වන අතර එහිදී ඔහු සුළු හා මධ්‍ය ප්‍රමාන ව්‍යාපර සහ සිල්ලර බැංකු කළඹ මෙන්ම බැංකුවේ අලෙවිකරණ අංශයන්හි ප්‍රධානියා විය. ඊට පෙර ඔහු වසර 3ක් ජ්‍යෙෂ්ඨ කළමනාකරු තනතුර ද දරා ඇත. ඔහු බැංකුකරණයේ විශේෂයෙන්ම සිල්ලර වෙළඳාම, කෘෂිකාර්මික ක්ෂුද්‍ර මූල්‍ය, ආයතනික සහ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය ණය යන සියලුම ක්ෂේත්‍ර පිළිබඳව මනා දැනුමක් ඇත. උපාය මාර්ගික කමිටු, ණය කමිටු සහ මානව සම්පත් කමිටු ඇතුළු බැංකුවල තීරණාත්මක කමිටුවල විශේෂිත නිලධාරියෙකු ලෙස කටයුතු කර ඇත. ඔහු පුද්ගලික සහ ප්‍රමුඛ බැංකුකරණය, විකුණුම් කණ්ඩායම් කළමනාකරණය සහ ණය පහසුකම් පිහිටුවීම සහ කළමනාකරණය පිළිබඳ මාන ඵලපුරුද්දක් ලබා ඇත. ඔහු බැංකු කිහිපයක තාක්‍ෂණික සහ ගෙවීම් උපාය මාර්ගවල ද ඉදිරියෙන්ම සිට ඇත. බැංකු ශාඛා ජාල කළමනාකරණය සම්බන්ධයෙන් ඔහුට පුළුල් පළපුරුද්දක් ඇත. කුඩා හා මධ්‍ය ප්‍රමාණ ව්‍යාපාර ණය ඇගයීම සහ ණය අවදානම් කළමනාකරණය සම්බන්ධයෙන් ජාත්‍යන්තර සුදුසුකම් ද ඔහු සතුය. ඔහු මානව සම්පත් කළමනාකරණය මූලික නිපුණතාවක් ලෙස සලකයි. දර්ශන රත්නායක මහතා NDB Wealth Management (Pvt) Ltd හි අධ්‍යක්ෂවරයෙකු ලෙසද කටයුතු කර ඇත.

ඇමතුමක් වෙන් කරගන්න

කරුණාකර පහත ඇති පෝරමය පුරවන්න, අපි පැය 24ක් ඇතුළත ඔබ අමතන්නෙමු.

    service-form-banner-image